FAMILY DISPUTE



නඩත්තු නඩුවක් හෝ දික්කසාද නඩුකරයක් විභාගයට හෝ විමසීමට ගැනීමට ප්‍රථම අනිවාර්යෙන්ම පවුල් උපදේශක (Family Counselor) වෙත යොමු කළ යුතු වන්නේ ද?

ඒ යටතේ කරුණු සලකා බැලීමේදී, ඇතැම් අවස්ථාවන්හිදී නඩත්තු නඩුකර සම්බන්ධයෙන් සහ දික්කසාද නඩුකර සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්වයන් විසින් ඉහත කී කරුණට අදාළව වන ප්‍රතිපාදන සම්බන්ධයෙන් වන නොදැනුවත්භාවය මත පදනම්ව පවුල් උපදේශක වෙත යොමු නොකරන ලෙසට වාචික ඉල්ලීම් සිදුකරනු දැකිය හැකි වන බැවින්, ඊට අදාලව වන මාගේ අවධානය සංශෝධිත පරිදි වූ 1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ 26 වන වගන්තිය වෙත පහත සඳහන් පරිදි යොමු කර සිටිමි. (මෙම වගන්තිය 1979 අංක 37 සහ 1981 අංක 71 දරණ පනත් මගින් සංශෝධනයට ලක්ව ඇත. කෙසේ නමුදු 1989 අංක 16 දරණ පනතෙහි 13 වන වගන්තිය මගින් මගින් අධිකරණ සංවිධාන පනතට සිදු කරන සංශෝධනය යටතේ ඉහත කී 26 වන වගන්තිය සංශෝධනය කරනු ලැබ ඇත්තේ වුවද, මේ වන තෙක් එකී 13 වන වගන්තිය මගින් සිදුකරන ලද සංශෝධන ක්‍රියාත්මක වන දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කර නොමැති බැවින්, මුල් ප්‍රඥප්තියේ ඉහත කී 1979 අංක 37 සහ 1981 අංක 61 දරණ පනත් මගින් සිදුකරන ලද සංශෝධනයන්ට යටත්ව 26 වන වගන්තිය මේ වන තෙක් බලාත්මකව පවතී.)

"26. (1) There shall be for every judicial district an officer who shall be called the " Family Counselor".

(2) Where a dispute in any action in respect of any matter within the jurisdiction of a Family Court, or any application for maintenance, comes up for inquiry or trial before a District Judge and Judge of the Family Court or Magistrate, as the case may be, such District Judge and Judge of the Family Court or Magistrate shall, unless any party to the action expresses in writing a desire to the contrary, refer such dispute to a Family Counselor, who  

(a) shall make every effort to induce the parties to settle such dispute; and 

(b) shall submit his report thereon to the District Judge and Judge of the Family Court or Magistrate, as the case may be, within such time as may be specified by such District Judge and Judge of the Family Court or Magistrate.

(3) Where any dispute is settled, the terms of settlement shall be entered, signed by each party to the dispute and the Family Counselor, and be forwarded to the Judge of the Family Court who shall enter such terms of settlement as a decree of such Court.

(4) Where a Family Counselor is not able to settle any dispute referred to in subsection (1), he shall refer such dispute to the Judge of the Family Court for determination after inquiry or trial.

(5) No Judge of a Family Court shall hold any inquiry or trial in respect of any dispute until such dispute is referred to him by the Family Counselor under subsection (3).  

ඒ යටතේ කරුණු සලකා බැලීමේදී, නඩත්තු නඩුකරයක හෝ දික්කසාද නඩුකරයක පාර්ශවයක් විසින් පවුල් උපදේශක වෙත යොමුවීමේ අවශ්‍යතාවයක් නොමැති බවට වන තම අභිලාෂය ලිඛිතව මහේස්ත්‍රාත්වරයා වෙත හෝ දිසාවිනිසුරුවරයා වෙත නොදක්වනු ලබන්නේ නම්, පාර්ශ්වයන් එකී නඩත්තු නඩුකරය හෝ දික්කසාද නඩුකරය සම්බන්ධයෙන් වන විමසීම හෝ විභාගය පැවැත්වීමට ප්‍රථම පවුල් උපදේශක වෙත අනිවාර්යෙන්ම යොමු කළ යුතුය.

Thoughts shared by Hon Manjula Manjula Karunarathna - B.com(sp.)Marketing, University of Sri J’pura, Attorney-at-Law District Judge - Hambantota with Gallelawblogger upon invitation extended 

Comments

Popular posts from this blog

CIVIL PROCEDURE AMENDMENT NO 43 OF 2024

What law governs the granting or remanding of an accused or suspect person? The law that governs the granting or remanding of an accused or suspect person is the Bail Act No. 30 of 1997. This Act provides for the release on bail of persons suspected or accused of being concerned in committing or having committed an offense. It also provides for the granting of anticipatory bail and other related matters. The Bail Act establishes that the grant of bail should be the guiding principle, subject to exceptions as provided for in the Act, and refusal to grant bail should be the exception. It prevails over the provisions of the Code of Criminal Procedure Act and other written laws, except for the Release of Remand Prisoners Act, No. 8 of 1991.