අයිතිය තහවුරු කර, විත්තිකරු ඉඩමකින් නෙරපා හැරීමට සහ වෙනත් සහන ලබාගැනීම ejectment of a licensee



අවසර ලාභියකු නිශ්චල දේපලකින් නෙරපීම 

අයිතිය තහවුරු කර, විත්තිකරු ඉඩමකින් නෙරපා හැරීමට සහ වෙනත් සහන ලබාගැනීම සඳහා  පැමිනිලි කරු  නඩු පැවරීය. පැමිණිල්ලේ ස්ථාවරය වූයේ විත්තිකරු අවසර ලාභියෙකු ලෙස අදාල ඉඩමට ඇතුලත් වූ බවය. විත්තිවාචකයවුයේ  පැමිණිලි පක්ෂයට ප්‍රතිකූල වූ වසර දහයකට අධික කාලයකට විහිදුණු ස්වාධීන සහ අඛණ්ඩ  සන්තකය හේතුවෙන් විත්තිකරු  නඩුවට අදාළ ඉඩමට  සහ පරිශ්‍රයට කාලාවරෝධී හිමිකම ලැබී ඇති බවයි.


දිසා අධිකරණය පැමිණිල්ලට පක්ෂව ආරවුල විනිශ්චය කළ අතර, සිවිල් අභියාචනා මහාධිකරණය එම තීන්දුව අවලංගු කර පැමිණිලිකරුට සම්පූර්ණ දේපළ නොව ඉඩමේ කොටසක්, එනම්  11/12  ක අයිතියක් පමණක් ඔප්පු කළ බව පවසමින්  මුල්තීන්දුව වෙනස් කළේය.  ප්‍රශ්නගත ආරවුල  අවසාන හා තීරණාත්මක විනිශ්චයක් සඳහා  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යොමු කරන ලදී.


මහාධිකරණ තීන්දුවේ  කැපී පෙනුනු  ලක්ෂණයක් වූයේ, විත්තිකරුට  අදාල දේපලේ අයිතියක් නොතිබුනු බවට  දිසා අධිකරණය එළඹු තීන්දුවට පටහැනි විනිශ්චයකට   මහාධිකරණය නො එළඹීමයි. 


වඩාත් සරල භාෂාවෙන් කිවහොත්, මහාධිකරණය පහළ අධිකරණයේ තීන්දුව වෙනස් කළේ වෙනත් කරුණු වලට අමතරව, පැමිණිලිකරු  ඉඩමේ නොබෙදු කොටස්  11/12 ක අයිතිය පමණක් ඔප්පු කිරීමට සමත් වූ බවට වු පදනම මතය. පමිනිකරු ඉඩමේ සම්පුර්ණ හිමිකම ඔප්පුකිරීමට අසමත්විය.


ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අවසාන හා තීරණාත්මක විනිශයක් සඳහ  අහියාචනය විවාදයට ලක් කරනු ලැබූ අවස්ථාවේ වෙනත් නෛතික කරුණුවලට අමතරව පහත සඳහන් නෛතික ප්‍රශ්නවලටද  අධිකරණයේ අවධානය යොමු විය.


1.  පැමිණිලිකරුගේ පූර්වගාමියෙකුගේ බලපත්‍රලාභියෙකු ලෙස මුලින් ඉඩමට පිවිසුණු  විත්තිකරුට පැමිණිලිකරුගේ අයිතිය ප්‍රතික්ෂේප කළ හැකිද? 

2. ඉඩමක හවුල් අයිතිකරුවෙකු ට, අවසර ලාභියෙකු   නිශ්චල දේපලින්  නෙරපීමේ තීන්දුවක් ලබා ගැනීම සඳහා සාර්ථක ලෙස නඩුවක් පවරා පවත්වාගෙන යාමට හැකිද? 


නීතිය යටතේ,  කුලී නිවැසියෙකු, බදුකරුවෙකු හෝ බලපත්‍රලාභියෙකු ලෙස ඉඩමට ඇතුළු වන පුද්ගලයෙකුට ඉඩමෙහි හිමිකරුගේ අයිතිය සම්බන්ධයෙන් ආරවුලක් කිරීමට සාමාන්‍යයෙන් ඉඩ නොලැබ්.  මෙයින් අදහස් වන්නේ යම් අයකුගේ  අවසරය මත  ඉඩමට ඇතුළු වූ තැනැත්තෙකුට, ඔහුට අවසර ලබා දුන් තැනැත්තා අයිතිකරුවා ද එසේ නොවුව ද, එම තැනැත්තාගේ අයිතිය අභියෝගයට ලක් කිරීමට  ප්‍රතිබන්ධනය වී ඇති බවයි.

 

සමස්තයක්  ගත්   කළ  ශ්‍රේෂ්ඨාධිකරණයේ  තීරනයවුයේ පැමිණිලිකරුට  ඉඩමේ සම්පූර්ණ අයිතිය නොතිබුණද, මෙම නඩුවේදී එය වැදගත් නොවනබවය. හේතුව විත්තිකරු බලපත්‍රලාභියෙකු බැවින් පැමිණිලිකරුගේ හිමිකමට අභියෝගයක් එල්ල කිරීමට නීතිය ඔහුට විරුද්ධව දැඩි තහංචියක් පනවා තිබීමයි.

 

කුලී නිවැසියෙකු හෝ බලපත්‍රලාභියෙකු වැනි අයෙකු ඉඩමකට ඇතුළුවී ඇති  අවස්ථාවක, ඔහු පළමුව ඉඩමේ සන්තකය නැවත භාර නොදී, කලාවරෝදයෙන්  ඉඩම හිමිවී ඇති බව කියා සිටීමට නොහැක යන නෛතික මූලධර්මය ද මෙම තීන්දුවේ සාකච්චාවට භාජනය කරනු ඇත. 


පැමිණිලිකරුගේ අසම්පූර්ණ හිමිකාරිත්වය මත දිසා අධිකරණයේ  තීන්දුව  අවලංගු කිරීමෙන් මහාධිකරණය නීතිය වැරදි ලෙස අර්ථකථනය කර ඇති බව මෙම තීන්දුව මගින් හෙළිදරව් කර ඇත.


Read the entire judgment in its original form:


Click T H Careem Vs M M M Ashar Judgment dated 22.05.2023



T H  Careem Vs M M M Ashar



Comments

Popular posts from this blog

PARTITION ACTIONS- JUSTICE T B WEERASURIYA JUDGE OF THE SUPREME COURT

TRUST - A presentation

CIVIL PROCEDURE AMENDMENT NO 43 OF 2024